Monday, May 1, 2017

iphone guided access



අද මම ඔයාලට අරගෙන ආවේ iphone වැඩ කැල්ලක් අපි ගෙදර ඉන්න වේලාවට ඔය අහල පහල ඉන්න පොඩි උන් එනවනේ ඉතින් අයියේ පෝං එක පොඩ්ඩක් දෙන්නකෝ game එකක් ගහන්න උට game එක ගහන්න දුන්නම photos බලලා videos බලලා sms බලලා ඔය එකී නොකී හැම තැනම ගිහිල්ලනේ එන්නේ   මෙන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන් game ගහන්නනම් game ගහන්න විතරයි photos බලනවානම් photos බලන්න විතරයි අපි බලමු කොහොමද  මේ ඔප්ෂන් එක ක්‍රියා කරවන්නේ කියල ඒ සදහා  පහත පියවර අනුගමනය කරන්න.... setting>>general>>Accessibility>>Guided Access යන්න ඉන්පසු පහත ආකාරයට දිස් වේයි ....





















දැන් Guided access කියන එක on කර ගන්න .. ඊට පස්සේpasscode settings කියන එකට ගිහිලා passcode  එක හරි fingerprint එක හරි දෙන්න

හරි අපි දැන් ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක කර ගත්ත..  දැන් බලමු කොහොමද එකෙන් වැඩ ගන්නේ කියලා  හරි ඔන්න අපි videos වලට යනවා  ගිහිල්ල අපි home බටන් එක 3 පාරක් එකපිට ඔබන්න ඊට පස්සේ start කියන එක ඔබන්න දැන් ආයේ ඔතනින් කොහේටවත් යන්න බෑ  අයින් වෙන්න  ඕනනම් passcode එක ඕනා අයින් වෙන්න  ඕනනම් නැවතත් home බටන් එක තුන් පාරක් ඔබන්න දැන්  රහස් පදය දෙන්න ඉන්පසු  සුපුරුදු තත්වයට පත් වේවි  එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න ජයෙන් ජයම වේවා ....!

1 comment: