• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Monday, July 9, 2012

වසර 3300 ක පැරණී නිවසක් ඇඹිලිපිටියෙන් (news)

8:55 AM // by ish // // No comments






පුරා විද්‍යා පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අයත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශයක සිදුකළ පුරාවිද්‍යා කැණීම් වලදී වසර 3300 ක පමණ අති පෞරාණික යුගයකට අයත් නිවාසයක අවශේෂ සොයා ගැනීමට හැකි වී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ මහාචාර්ය රාඡ් සෝමදේව ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම ඇඹිලිපිටිය උඩරංචමඩම ඓතිහාසික ශ්‍රී ජයබෝධාරාම මහා විහාර භූමියේ ආවාසගෙය ඉදිකර ඇති ස්‌ථානයේ පුරා මසක්‌ තිස්‌සේ කළ කැණීම්වලදී මෙම නිවාසයේ අත්තිවාරම මතු කර ගැනීමට සමත් වූහ.

මෙම නවතම සොයාගැනීම ශ්‍රී ලාංකීය පුරා විද්‍යාවටත් ඉතිහාසයටත් ඉතා වැදගත් බව මෙම කැණීම් මෙහෙයවන නේවාසික පුරා විද්‍යා මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රකාශ කළේය. දිවයිනේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්‌සේ පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇතත් මෙවැනි දුර්ලභ ගණයේ නිවාසයක අවශේෂ සොයාගත් ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර එය ආසියාවටද බෙහෙවින් වැදගත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා පැවැසීය.

මෙයට පෙර එනම් 2007 වසරේදී පහළ රංචමඩම භූමියේ කැණීම් වලදී සොයා ගනු ලැබූ සොහොන් කොත් භාවිත කළේ කිනම් ජන කොටසක්‌ දැයි සොයාගැනීම සඳහා මෙම කැණීම් සිදු කළ බව පර්යේෂණ කණ්‌ඩායම පවසයි.

වසරක කාලයක්‌ පමණ උඩරංචමඩමට අයත් ප්‍රදේශ ගණනාවක ගවේෂණ සිදුකිරීමෙන් පසු වඩා වැදගත් නිශ්චිත ස්‌ථානයක කැණීම් ආරම්භ කෙරෙණි. කැණීම් කටයුතු අගෝස්‌තු මාසයේ ආරම්භ කළ අතර එහි අවසාන අදියර තව සති 1 1/2 කින් පමණ අවසන් කිරීමට නියමිතය.



රංචමඩම සුසානයේ කැණීමට අදාළ කාබන් දින නිර්මාණය මේවන විට ලැබී ඇති අතර එය ක්‍රි. පූ. 135 ක බව සඳහන්ව ඇත.

2007 වසරේදී රංචමඩම සුසාන භූමියෙන් සොයා ගන්නා ලද පුරාවස්‌තු රැසකට සමාන ලක්‍ෂණ මෙම කැණීම් වලදීද සොයා ගැනීමට හැකි වීමෙන් මේවා අතර සමීප සම්බන්ධතාවක්‌ පැවැති බවද මෙමගින් වඩාත් තහවුරු වේ.

දැනට ලැබුණු පුරාවස්‌තු පරීක්‍ෂා කිරීමේදී මෙම නිවාසය ප්‍රභූවරයෙක්‌ භාවිත කළ නිවහනක්‌ බවට තහවුරු කළ හැකි සාධක ලැබී තිබෙන බව මහාචාර්ය රාඡ්සෝම දේව මහතා "දිවයින" ට පැවැසීය.

ගල් ආයුධ, ධාන්‍ය ඇඹරුම් සඳහා යොදාගත් ඇඹරුම් ගල්, පින්තාරු කරන ලද වළං, මූර්ති, ඇස්‌ අඳුන් සඳහා භාවිත කළ කාන්තාවන්ගේ උපකරණ ඇතුළු සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා මෙවලම් රැසක්‌ද මේ අතර තිබී සොයා ගැනීමට මෙම පුරාවිද්‍යා කණ්‌ඩායමට හැකිවී තිබේ.

මේ වන විට කැණීම් වලින් ලද තොරතුරු අනුව නිවාසයට අදාළ වාස්‌තු විද්‍යාබිම් සැකැස්‌මත් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනංජය ගම්ලත් මහතා විසින් සකස්‌ කොට තිබේ. ඒ අනුව බලන කළ මුළුතැන්ගෙයට පිටුපස කොටස ජ්‍යාමිතික හැඩයකින්ද ඉදිරි කොටස අඩකවයක්‌ ගන්නා බවත් විශ්වාස කළ හැකි බව ඒ මහතා පැවැසීය.



උපුටා ගැනීම -  http://www.divaina.com/2009/09/23/provin03.html


0 comments:

free counters