• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Friday, July 13, 2012

ගූගල් ඩ්‍රයිව් - ඔන්ලයින් එක්ස්ට්‍රනල් ඩ්‍රයිව්

10:49 AM // by ish // , , // 2 comments

ටික දවසකට පස්සේ ආව වැදගත් තොරතුරු ටිකක් අරගෙන...
ගූගල් සමාගම හදුන්වාදෙන තොරතුරු ගබඩා කරගැනීමට හැකි එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ කර ගෙන විවිධ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි නවමු සේවාවකි.
 ක්ලවුඩ් ක්‍රමයට තොරතුරු ගබඩා කිරීමටත්, එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ වීම සින්ක් ක්‍රමයටත් සිදුවේ.



5GB ඉඩ ප්‍රමාණයක් නොමිලේ ලබා ගැනීමට Google අකවුන්ට් එකක් හිමි අයෙකුට හැකිය.


පලමුව drive.google.com වෙත පිවිසෙන්න . මෙහි පුරුදු පරිදි ඊමේල් ,පාස්වර්ඩ් යොදා Sign in වෙන්න.


එහිදි විවෘත වන පිටුවේ Download Google Drive For PC ක්ලික් කිරීමෙන් ගූගල් ඩ්‍රයිව් වැඩසටහන ඔබගේ පරිඝනකයට ඉන්ස්ට්‍රෝල් කරගන්න


එසේ ඉන්ස්ටෝල් වු පසු ලැබෙන වින්ඩෝවේද තමාගේ ඊමේල් සහ පාස්වර්ඩ් ලබා දී Google Drive වෙත  Sign in විය යුතුය.
ඉන් පසු Getting Started බොක්ස් එකේ Next  බොත්තම ප්‍රෙස් කර පසුව Start sync නැවත ප්‍රෙස් කරන්න .


මෙසේ සිදු කල පසු My Document තුල Google Drive නමින් ෆෝල්ඩර් එකක් සෑදේ. මෙම ෆෝල්ඩර් එක සින්ක් ෆෝල්ඩර් නමින් හදුන්වයි.


මෙම ක්‍රමය තුලින් අන්තර්ජාලය ඇති විටදීත් ,නොමැති විටදත් ප්‍රයෝජනවත් වේ.සින්ක් ෆෝල්ඩර තුලට ෆයිල් එකක් කොපි කල විට එය සම්බන්ධ වී ඇති Google Drive වෙත යොමු වේ.මෙය එවිට Google Drive වෙත අප් ලෝඩ් වීම සිදුවේ .නමුත්  My Document තුල Google Drive  නමින් ෆෝල්ඩර් එක විවිද වෙන්ස් කම් වලට සිදුකල විට ද එය එසේම Google Drive වල Update වේ.මෙය අන්තර්ජාලය විසන්ධි කර කල අවස්තාවකදී වන වෙනස් කමක් නම් නැවත Google Drive තුලදී යාවත්කාලීන වන්නේ අන්තර්ජාල සැපයුම සවි කල පසුවය.මෙම සින්ක් තුල සිදුවන සියලුම වෙනස්කමක්ම මෙසේ Google Drive තුල අප්ඩේට් වේ.


වෙනත් පරිඝණයක Google Drive ඉන්ස්ට්‍රෝල් කරගැනීම 


ඉහත ආකාරයටම වෙනත් පරිඝණකයකට Google Drive ඉන්ස්ට්‍රෝල් කරගෙන කලින් භාවිතාකල ඊමෙල් යොදා ගත්තේ නම් කලින් පරිඝණකයේ My Document තුල Google Drive  ෆෝල්ඩර් එක තුල ඇති සියලුම ෆයිල් පෙන්නුම් කරයි.මෙම පරිඝණකය සිදුකරන වෙනස්කම්ද යාවත්කාලින වන බවද සලකන්න


මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වුනාද , එහෙනම් ඒහෙනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...අපිට Join වෙන්නත් අමතක කරන්න එපා


මේ අපේ Face book පේජ් එක..ලයික් කරන්න






***පහුගිය දවස් වල හොර තක්කඩියෙක් ගැන තොරතුරු හෙව්ව..මිනිහ අපි පලකරන පෝස්ට් එහෙමම කොපි කරල තම තමන්ගේ අඩවි වල දාන එකෙක්..හපෝ තමන් දන්න දෙයක් වත් මුන්ට දාන්න බැරි හැටි..***

2 comments:

Anonymous said...

වැදගත් පොස්ටුවක්..:)

ish said...

හිරු, නියමයි :ඩී

free counters